25 C
Colombo
Monday, May 13, 2024

මම හදන ආණ්ඩුවට ලෝකෙම උදව් කරනවා.! – සිරිසේන

- Advertisement -

අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ඊයේ (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමින්.

පසුගිය සති දෙක තුනක කාලය තුල සියලුම විදෙස් තානාපතිවරුන් පැමිණ තමන් සමග සාකච්ඡා කළ අතර වත්මන් රජය දූෂිත නිසා එයට ආධාර ලබාදිය නොහැකි යැයි ඔවුන් පැවසූ බවයි ඒ මහතා සඳහන් කළේ.

“මගේ කාලේ ලෝකේ හැම රටක්ම අපට උදව් කළා, කිසිම රටක් සතුරු වුණේ නෑ, තරහා කරගත්තේ නෑ. අද වුණත් අපි ආණ්ඩුවක් භාර ගත්තොත් ඒ ලෝකෙ රටවල් සියල්ලන්ම උදව් කරනවා. මම තානාපතිවරුන් සමග සාකච්ඡා කළා පසුගිය සති දෙක තුනේ. මම හම්බුවෙන්න ඕනෙ කියද්දේ ඒ සියලුදෙනාම මගේ ගෙදරට ආවා. ඒ සියලු දෙනාම කියන්නේ මේ පාලනය දූෂිත නිසා අපට පුළුවන්කමක් නෑ මේ ප්‍රශ්නවලට ආධාර දෙන්න, උදව් කරන්න කියලා. ඒ නිසා මෙවැනි පසුබිමක ආණ්ඩුව තවත් බලාගෙන ඉන්නවාද, එහෙම නැත්නම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා ඉවත් වෙනවාද කියන එක ජනතාව අහන ප්‍රශ්නයක්”

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...