33 C
Colombo
Friday, May 3, 2024

විනාසයක්! ආචාර ධර්ම අනුමැතිය දැන්ලු

- Advertisement -

කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසා ඇතැයි අද දෙරණ දෙසැම්බර් 30 වැනිදා වාර්තා කර ඇත.

මෙම පුවතෙන් පැහැදිලි වන්නේ මහා විනාසයකි. මහා භයානක කරුණකි. ආචාර ධර්ම කමිටුවක අනුමැතිය ලැබීම යනු යම් ඖෂධයක් මිනිසුන් යොදවා පරීක්ෂණ කරන්නට සුදුසු බවට ලබාදෙන අනුමැතියකි. ඕනෑ පරීක්ෂණයකට මිනිසුන් යොදවන්නේ යම් විශ්වවිද්‍යාලයක, විද්වත් ආයතනයක ආචාරධර්ම කමිටුවක අනුමැතියකින් පසුවය.

පරීක්ෂණ කළාට පසු ආචාරධර්ම කමිටුවල අනුමැතිය ලබාදීමේ සිරිතක් නැත.

කොවිඩ් නයින්ටීන් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූ බව ඔක්තෝබර් 29 වැනිදා “අද දෙරණ“ වාර්තා කර තිබුණි. ආචාරධර්ම කමිටු අනුමැතියක් නැතිව එවැනි පරීක්ෂණයක් සිදු කිරීම බරපතල වරදකි.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...