32 C
Colombo
Monday, May 6, 2024

දකුණු කොරියාව නේටෝ සයිබර් ආරක්ෂණ ඒකකයට එක්වේ

- Advertisement -

දකුණු කොරියාව මැයි 5 වන දින නේටෝ (NATO) හි සයිබර් ආරක්ෂක කණ්ඩායමට සම්බන්ධ වී තිබේ.

ඒ අනුව ජපානයට පසුව එම කණ්ඩායමට සම්බන්ධ වූ දෙවන නැගෙනහිර ආසියානු රට බවට දකුණු කොරියාව පත්විය.

මෙම පියවර ගෙන ඇත්තේ දකුණු කොරියාව සැමවිටම උතුරු කොරියානු සයිබර් ප්‍රහාරවල නිරන්තර ඉලක්කයක් වී ඇති නිසා බව පැවසේ.

උතුරු කොරියානු සයිබර් ප්‍රහාරකයන් පසුගිය වසරේ දකුණු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය වන කොරියානු පරමාණුක බලශක්ති පර්යේෂණ ආයතනයට (KAERI) අනවසරයෙන් ඇතුළු වී සමග සැලකිය යුතු ප්‍රහාරයක් සිදු කරනු ලැබිණ.

මෙම ප්‍රහාරයෙන් දකුණු කොරියාවේ න්‍යෂ්ටික රහස් උතුරු කොරියාවට කාන්දු වූ බවට ද වාර්තා පළවිය.

මේ අතර ඒෂියන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ චීනය උතුරු කොරියානු සයිබර් ඒකකවලට ඔවුන්ගේ සයිබර් ඔත්තු බැලීම් සහ මූල්‍ය සොරකම් කිරීමේ මෙහෙයුම් සඳහා පුහුණුව, තාක්ෂණය සහ ආවරණය ලබා දී ඇති බවයි.

එපමණක් නොව, සෝල් හි පිහිටි කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනයට අනුව, උතුරු කොරියානු නියෝජිතයින් 6,800කින් සමන්විත ඒකකයක් වංචා, සහ ඔන්ලයින් සූදුවෙහි නිරත වන බව ද හෙළිවී තිබේ.

එමඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 860ක් උපයා ගන්නා බවට ද තොරතුරු හෙළිවී ඇත.

RECENT ARTICLES - SINHALA

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක...

ලයිට් බිල ගැන ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස 3ක් තුළ රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ...

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...