31 C
Colombo
Saturday, May 18, 2024

පාකිස්ථානයට චීනයෙන් තල්ලුවක්

- Advertisement -

පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත අඩුවීම මධ්‍යයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක අරමුදලක් ප්‍රතිමූල්‍යකරණය කිරීමට චීනය පසුගියදා එකඟ වී තිබේ.

චීන බැංකු විසින් RMB බිලියන 15 ක තැන්පතු ප්‍රතිමූල්‍යකරණය සඳහා වන නියමයන් සහ කොන්දේසිවලට එකඟ වී ඇති බවත් දෙපාර්ශ්වයේම සාමාන්‍ය අනුමැතියෙන් ටික කලකට පසු එම මුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කර ඇත.

මෙය පාකිස්තාන විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ අතර මීළඟ අයවැයේ දී ආදායම් වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම මගින් රාජ්‍ය මූල්‍ය ගැලපීම් සිදු කළ හැකි බව ට පකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

පාකිස්ථාන මුදල් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මේ වසරේ ජුනි මැද භාගයේදී අත්සන් කිරීමට අපේක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...