33 C
Colombo
Friday, May 3, 2024

රටින් පනින්න හැදූ 35ක් නැවතත් මෙරටටම රැගෙන එයි

- Advertisement -

නීතිවිරෝධීව මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පානදුර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 23 වනදා පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙහිදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු, කාත්තාවන් 04 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවත් යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට සුදුසු තත්ත්වයේ නොපවතින බවත් වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් පිරිස, කොළඹ වරාය පොලිසියට භාර දී ඇති අතර ඔවුන් ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර නාවික හමුදාව අවධාරණය කර සිටින්නේ, ජීවිත අවදානමකට හෙළන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වැළකී සිටින ලෙසයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...