34 C
Colombo
Friday, May 3, 2024

අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි

- Advertisement -

අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආගමික වතාවත්වලින් අනතුරුව අද (04) දින සිය ධුරයේ වැඩ භාර ගත්තා.

මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියේ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතාය.

ඔහු තවත් වසර දෙකක සේවා කාලයක් තිබියදි විශ්‍රාම ගැනීමට තීරණය කර තිබුණි.

කලක් විදුලි සංදේශන නියාම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇති අනූෂ පැල්පිට මහතා පළපුරුදු පරිපාලන නිලධාරියෙක්ද වනවා.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් අවභාවිතාකිරීම හා පාඩුවක් සිදුකිරීම යන චෝදනාවන්වලට අනූෂ පැල්පිට මහතා හා එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වරදකරුවන් වී වසර තුනක සිර දඩුවම් නියමව සිටියා.

කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් සිදුකල අභියාචනයට අනුව පසුගිය නොවැම්බර් 19 වෙනිදා කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරියන් විසින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...