29 C
Colombo
Saturday, May 18, 2024

තෙල් නැති බව දැන දැනත් හමුදාවෙන් ටෝකන් බෙදලා

- Advertisement -

අද දිනයේ පටන් සියලුම ඉන්ධනහල් අසළ රැදී සිටින පුද්ගලයන් හට ත්‍රිවිධ හමුදාවේ මාර්ගයෙන් ටෝකන් පතක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

ඒ අනුව අද දිනයේදී යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවුක හමුදාව මැදිහත්ව බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ රැදී සිටි පුද්ගලයින් හට ටෝකන් පතක් ලබාදී ඔවුන්ගේ පෞද්ගලික විස්තර ලබාගෙන එම පුද්ගලයන්ව පෝලිමෙන් ඉවත්කොට නිවෙස් බලා පිටත්කර හැරියේ ඉන්ධන තොග ලැබෙන ඉදිරි දින කිහිපයේදී ඔවුන්ට ඒ බව දැනුම්දීමේ පොරොන්දුව මතයි.

කෙසේ වෙතත් රජය අද නිවේදනය කළේ කැබිනට් තීරණයක් මත ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් කිසිදු පුද්ගලයෙකු හට ඉන්ධන ලබා නොදෙන බවයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළ ආකාරයට ටෝකන් ලබාදීමේ ක්‍රමය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව තවදුරටත් සති ගණනාවකටම ඉන්ධන ලබාදීමට නොහැකි බව දැන දැනම මහජනතාවට ටෝකන් පතක් ලබාදී ඔවුන්ට බලාපොරොත්තු එක්කොට පෝලිමෙන් ඉවත්කිරීම ජනතාව නොමඟ යැවීමක් බවට ඉන්ධන පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ටෝකන් ලබාගැනීමේ අරමුණින් අද දින ඉන්ධන පිරවුම්හල් අසළ වෙනදාටත් වඩා පුද්ගලයින් ඒකරාශී වූ බැවින් එය පාලනය කරගත නොහැකි තත්ත්වයටම පත්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ අදාළ ටෝකන් පත් නිකුත් කිරීම ඉන්ධන පිරවුම්හල් කළමනාකාරීත්වය මඟින් සිදුකරන බවත් යුද හමුදාව සහ පොලීසිය එම කටයුතු සඳහා සහාය දැක්වීමක් පමණක් සිදුකරන බවත්ය.


RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...