33 C
Colombo
Friday, May 3, 2024

මහනුවර භූමිකම්පා හුණුගල් ගල් නිසා නොවේ. සියල්ල ස්වාභාවික සිදුවීම්.

- Advertisement -
මහනුවර සහ වික්ටෝරියා වැව අවට මෑතදී ඇති වූ භූමිකම්පා සිදුවීම් ස්වාභාවික සිදුවීම් වන අතර අසල ඇති හුණු ගල්වලවල්වල ගල් කැඩීම හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ඒ පිළිබදව සොයාබැලීමට පත්කල විශේෂඥ කමිටුව නිගමනය කර තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් අද දින (05) සිය වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරාවීරට භාර දෙනු ලැබූවා.
2020 අගෝස්තු 29 සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ මහනුවර ප්‍රදේශයේ වාර්තා වූ භූමිකම්පන සිදුවීම් දහයක් පිළිබඳව අධ්‍යයනය කළ කමිටුව කියා සිටියේ, මෙහිදී රිච්ටර් පරිමාණයෙන් 2 ට නොඅඩු සුළු භූ කම්පන වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත්, ආරක්ෂිත පියවරක් ලෙස වික්ටෝරියා වේල්ල වටා මීටර් 100 ක පරිමිතියක පිහිටි සියලුම ගල්වලවල් වසා දැමීමට විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.
විශේෂඥ කමිටුව පෙන්වා දෙන්නේ මෑතකදී සිදුවූ මෙම සිදුවීම් මගින් වේල්ලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...