31 C
Colombo
Friday, May 3, 2024

එදිරිසිංහ සමාගමේ තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) පස්වරුවේ ලබාදුන් උපදෙස්වලට අනුවයි.

අත්අඩංගුවට පත් දීපා අංජලී එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක්ද වනවා.

එදිරිසිංහ ව්‍යාපාරය කලෙක මෙරට තිබූ දැවැන්ත ව්‍යාපාර ජාලයක් වූ අතර එහි සභාපතිනී සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව එම ව්‍යාපාර දිනෙන් දින අභාවයට යනු ලැබූවා.
ඇයගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ හට එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිවූ අතර ඔවුන් සතුව තිබූ රූපවාහිනී නාළිකාව වන ස්වර්ණවාහිනී සහ රේඩියෝ නාලිකා කිහිපයක්ද විකුණා දැමීමට සිදුවුණා.
ETI සමාගම හරහා තැන්පතුකරුවන්ගේ රුපියල් බිලියන ගණනක මුදල් වංචා කර තිබූ අතර මේ හේතුවෙන් ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

කෙසේ වෙතත් ETI සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙක් වන නාලක එදිරිසිංහ මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...