33 C
Colombo
Friday, May 3, 2024

News19 හෙළිදරව්වෙන් පසු ඥානා අක්කාගේ දේවාලයෙන් හමුදාව ඉවත් කරයි !

- Advertisement -

‘ඥානා අක්කාගේ හෝටලය හදන්නේ හමුදාවෙන්’ යනුවෙන් News19 කරන ලද හෙළිදරව්වෙන් පසු අදාළ සේවා සඳහා නීතිවිරෝධී ලෙස යොදවා තිබූ හමුදා සාමාජිකයන් ඉන් ඉවත් කර තිබේ.


පසුගිය 06 වැනිදා මෙම යුද හමුදා සාමාජිකයන් අදාළ ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, මේ වනවිට අදාළ දේවාල භූමියේ යුද හමුදා සාමාජිකයන් නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

අනුරාධපුර, නුවර වැව පාරේ පිහිටි මේ කාන්තාවට අයත් දේවාලය යනුවෙන් හඳුන්වන ස්ථානයේ පිටුපස කොටසේ ‌අදාළ හෝටලයේ ඉදිකිරීම් සිදුවෙමින් පැවැති අතර, ඊට අමතරව එම භූමිය වටකර විශාල තාප්පයක් ද හමුදා සාමාජිකයන් යොදවා ඉදිකරමින් පැවතිණි.


රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානා අක්කා දැයි ආණ්ඩුවට සමීප පාර්ශ්ව විසින් ම ජනාධිපතිවරයාගෙන් කළ විමසීම් නිසා මෙම කාන්තාව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් විය.

කෙසේ වෙතත් මෙසේ යුද හමුදා සාමාජිකයන් යොදවා පෞද්ගලික ඉදිකිරීමක් කිරීම නීතිවිරෝධී බව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් ‘ලංකා’පුවත්පතද මේ පිළිබඳව වාර්තා කර තිබුණි.


මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ කළ විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ එවැන්නක් පිළිබඳ නිල දැනුම්දීමක් තමන්ට ලැබී නොමැති බවයි.

එය ප්‍රතික්ෂේප කරන බවක් හෝ අදාළ තොරතුර අසත්‍ය බවක් පැවසවේ නැත.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...