27 C
Colombo
Monday, May 6, 2024

අරගල ඇති, දැන් ගෙදර යන්න..! – මහින්ද රාජපක්ෂ

- Advertisement -

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළා.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ අතර ඡන්දයද ලබාදුන් බවත් කෙසේ නමුත් ඔහු පැරදුන බවත් කවුරුන් හෝ ජයගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් මෙහිදී මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, අරගලය සිදු කළා ඇති යැයි තමා විශ්වාස කරන බවත් අරගලය කරන තරුණයින් එළියට ගොස් වැඩ කළ යුතුයැයි තේරුම්ගත යුතු බවත් ය.

RECENT ARTICLES - SINHALA

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි තොගයක් පොලිස් අත්අඩංගුවට

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...