34 C
Colombo
Friday, May 3, 2024

පාකිස්තාන රෙදිපිළි කර්මාන්තයේ ඩොලර් බිලියන 1 ක අපනයන පාඩුවක්

- Advertisement -

ගෑස් සැපයුම කපා හැරීම හේතුවෙන් රෙදිපිළි කර්මාන්ත ශාලා 300 කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව සමස්ථ පාකිස්තාන රෙදිපිළි කර්මාන්ත ශාලා සංගමයේ (Aptma) සභාපති අබ්දුල් රහීම් නසීර් පවසයි.

ඔහු එරට ෆෙඩරල් රජයෙන් ඉල්ලා ඇත්තේ රෙදිපිළි කර්මාන්තයට අවශ්‍ය ගෑස් සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙසයි.

ඒ හේතුවෙන් දැනටමත් ඩොලර් බිලියනයක පමණ අපනයන පාඩුවක් සිදුවී ඇති ඔහු පෙන්වා දී තිබේ.‍

2020 දී රෙදිපිළි අපනයනය ඩොලර් බිලියන 12.5 සිට 2022 දී ඩොලර් බිලියන 20 දක්වා, සියයට 60 ක වැඩිවීමක් සිදුවුවත් නව තත්වය හමුවේ එය යළි පහළ බසිනු ඇති බවට විශ්වාස කෙරේ.‍

සතියක කාලයක් කර්මාන්තයට ගෑස් සැපයුම අත්හිටුවන ලද බවත්, කර්මාන්තයේ නිෂ්පාදනය නතර වීමෙන් ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වූ බවත් නිෂ්පාදකයන් පෙන්වා දී තිබේ.

රෙදිපිළි කර්මාන්ත ශාලා මහා පරිමාණයෙන් වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස සේවකයින් දැවැන්ත පිරිසක් ඉවත් කිරීමත් සමග විරැකියාව ආර්ථිකට දැඩි බලපෑමක් විය හැකි බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...