28 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු ප්‍රහාරයට අදාල පෙත්සම්වලින් රනිල් ගැලවෙන ළකුණු

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව දක්වමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බැවින් ඔහුට එරෙහි නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් ඔහුගේ නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට (27) දිනයේ කරුණු දක්වන ලෙස අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අදාළ නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තම සේවාදායකයා ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

කෙසේවෙතත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ එම විරෝධතාව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිය විරෝධය පළ කිරීම හේතුවෙන් ඊට අදාළව හෙට දිනයේ කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...