28 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

- Advertisement -

යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව NDTV පුවත් සේවය වාර්තා කරනවා.

පෙරවරු 9යි 30ට එම නෞකාව හම්බන්තොට වරයාට ළඟා වීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.

යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දුනීසියානු වෙරළට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට නිරිත දිගින් නාවික සැතපුම් 680ක් දුරින් යාත්‍රා කරමින් පවතින බව එන් ඩී ටීවි පුවත් සේවය වාර්තා කරනවා. පැයට නාවික සැතපුම් 14ක වේගයෙන් මෙම නෞකාව යාත්‍රා කරමින් පවතින බව චන්ද්‍රිකා දත්ත පෙන්වා දෙන බව එහි සඳහන්.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ යැයි ඉන්දීය බලධාරීන් සැක පළ කරන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් එල්ල කර ඇති අතර එවන් පසුබිම ලක් රජය ද චීනයට දැනුම් දී තිබුණේ මෙම නෞකාව පැමිණීම ප්‍රමාද කරන ලෙසටයි.

මතභේදයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හම්බන්තොට වරාය අධිකාරිය සදහන් කළේ අදාළ නෞකාව පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවයි. කෙසේ වෙතත් මෙවැනි නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට මෙතෙක් අවසරයක් ලබා දී නොමැති බවත් වරාය අධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර මිසයිල් දියත් කළ හැකි තවත් චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාවක් අනිද්දා කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පීඑන්එස් ටයිමූර් ලෙස නම් කර ඇති මෙම නෞකාව මේ මස 15 වනදා දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තබනු ඇති. මෙම නෞකාව බංග්ලාදේශයේ චිතගොන් වරයාට සේන්දු වීමට අවසර ඉල්ලා තිබුණත් ඩකා බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පියා පාකිස්ථානයේ සහාය ලබන කැරළි කණ්ඩායමක් විසින් 1975 වසරේ ඝාතනය කර තිබුණේ අගෝස්තු මාසයක දී බැවින් ඒ අනුව අගෝස්තු මාසය එරට ශෝක කාලසීමාවක් වීම හේතුවෙන් එසේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, මෙම නෞකාව පාකිස්ථානය බලා යාත්‍රා කරන අතරතුරයි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...