26 C
Colombo
Friday, May 17, 2024

ණය වලින් 20%ක් ම චීන ණය..! – එරාන් වික්‍රමරත්න

- Advertisement -

අර්බුදවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවලදී රටේ අවශ්‍යතාවයට ගැලපෙන න්‍යාය පත්‍රයෙන් බැහැර නොවීමට රජය වග බලා ගත යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කරනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (10) පැවති විවාදය අමතමින්.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට සහාය දෙන බහුපාර්ශ්වික ආයතනවල න්‍යාය පත්‍රවලට එකඟ වීමෙන් පමණක් රටේ අර්බුද විසඳිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන විට ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව පමණක් නොව අපේ න්‍යාය පත්‍රය ද සාකච්ඡාවට බදුන් කිරීමට රජය උපාය ශීලී විය යුතු බවත් කිසිසේත්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව සැලකිය යුතු නොමැති බවත් ඉරාන් වික්‍රමරත්න පෙන්වා දෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය – ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30% පමණ වෙනවා.

ප්‍රශ්න විසඳීමට ආධාර දීමට එකඟ වන වෙනත් පාර්ශ්වයන් සමඟ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමට සිදු වේ. ලංකාවට තිබෙන සුවිශේෂී ප්‍රශ්නය ඩොලර් නැතිවීමය. අයවැය සම්බන්ධ මූල්‍ය හා ගෙවුම් ශේෂය පිළිබඳව ද ප්‍රශ්ණ තිබෙනවා. එහෙත් අපට බැංකු පිළිබඳ ප්‍රශ්ණයක් නැහැ. අපි අපේ බැංකු පද්ධතිය ආරක්ෂා වන විදිහට සාකච්ඡාවල නිරත නොවන්නේ නම් තවත් අර්බුදයක් උද්ගතවීම වැළක්විය නොහැක.

විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලංකාව කිසිසේත් සැලකිය යුතු නැතැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. අපි ඒ ස්ථාවරයෙ දැඩිව සිටිය යුතුයි. නැතිනම් එක ප්‍රශ්නයක් විසඳන්නට යෑමේදී තව ප්‍රශ්නයකට රට තල්ලුවන්නට පුළුවනි. බැංකු අර්බුදයක් ඇතිවුවහොත් එය විසඳන්නට තවත් දශකයක් ගතවනු ඇතයි මන්ත්‍රී වරයා කීය.

අප මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ ණය පිළිබඳව විශාල ගැටලුවක් පෙනෙන්නට තිබෙනවා.රාජ්‍ය ණය පිළිබඳ රජයේ සංඛ්‍යා ලේඛණ අනුව චීනයෙන් ලැබුණු ණය ප්‍රතිශතය 10 % යැයි සඳහන්.ආසියානු සංවර්ධන බැඔකුවෙන් 13% යි, ලෝක බැංකුවෙන් 9 % ස්වෛරීත්ව බඳුම්කර ප්‍රමාණය (ඇයි එස් බී)47%, ජපානයෙන් 10 % ඉන්දියාවෙන් 2% අනෙක් සියලු රටවලින් 9% ලෙස සඳහන් වේ.

එහෙත් සැබැවින්ම චීනයෙන් ඊට වැඩියෙන් ලැබී තිබෙන බව සංඛ්‍යාලේඛනවලින් ඔප්පු වේ.

චයිනා එක්සිම් බැංකුවෙන් රාජ්‍ය ආයතනවල සෘජුව දී තිබෙන බැවින් ඒවා රජයේ ණය ලෙස රජය වාර්ථා කර නොමැත. රාජ්‍ය සංස්ථාවලට ලබා දී තිබෙන මේ ණය ද රජයේ ණය වන අතර මේවා ආපසු ගෙවන්න වෙන්නේත් රජයටමයි.

ඒ වගේම විදේශ මුදල් වාරික මූල්‍යකරණයේ දී (Foreign Currency Financing) චයිනා ඩිවෙලොප්මෙන්ට් බැංකුවට ගෙවිය යුතු මුදල ද රාජ්‍ය ණය ලෙස ඇතුළත් කර නැත. එසේ බලන කල චීනයෙන් ලැබුණු මුළු ණය ප්‍රමාණය 20 % පමණ වෙනවා.

අපේ අර්බුදයේ විශාලත්වය පැහැදිලි කරන තවත් කරුණු පෙනෙන්නට තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජපානයේ ජයිකා ආයතනය පොරොන්දු වූ ඩොලර් මිලියන 570 ක සහන ණය ආධාරය නතර කර තිබෙන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා මාර්ග ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් දෙන ලද ඩොලර් මිලිය 51 ක ණය ආධාරයද නවතා ඇතැයි වාර්ථාවෙනවා.

ඒ වගේම සාර්ව ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන තෙක් ශ්‍රී ලංකාවට ණය නොදෙන බවට 2022 ජුලි 29 වන දින ලෝක බැංකුව නිවේදනය කළා. මෙවන් අර්බුද මැද රටේ ප්‍රශ්න විසඳ ගන්නේ කෙසේ ද යැයි රජයෙන් අසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහ ගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය – ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30 % පමණ වෙනවා. මෙහිදී අවදානමක් ගැන සඳහන් කිරීමට කැම්තියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන විට, ඔවුන්ගේ න්‍යාය පත්‍රය පමණක් අනුගමනය කිරීමට එකඟ වීම වෙනුවට අපගේ න්‍යාය පත්‍රය සාකච්ඡාවට ඇතුළත් කිරීමට රජය උපායශීලී විය යුතුය.”

ජනාධිපති තුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිබඳව අවධානය යොමු කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද අදහස් දැක්වීය.

“අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමණින් තුරන් කිරීම අනිවාර්‍ය කාරණයක්. අල්ලස හා දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා, ජා.මූ. අරමුදල සමඟ දූෂණ මැඩලීමටත් එළඹෙනවා” යැයි එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රකාශ කළා.

එහෙත් අපේ රටේ දූෂණය පිළිබඳව තිබෙන සංස්කෘතියෙන් බැහැර වීම කළ හැක්කේ කෙසේ ද. මේ සංස්කෘතියට ප්‍රධානතම හේතුව අල්ලස හා දූෂණයයි. ජනපතිතුමා බැංකු හොරා කියලා වත්මන් අගමැතිතුමත් එදා කිව්වා.

දශක හතරක කාලයක ඉතිහාසය අධ්‍යයන කරන විට පැහැදිළි වන කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය, ආගම්වාදය, ජාතිවාදය හා ජාතික ආර්ක්ෂාව කියමින් වචන ඉස්සරහට දාගෙන දේශපලනඥයන් හා ඉහල නිලධාරීන් දම්වැල් පුරුක් වගේ අඩු වැඩි වශයෙන් මේ රටේ මහජන මුදල් කෙතරම් කොල්ල කෑවා දැයි සොයා ගන්නට ක්‍රමය්ක් නැත.

රට හදන්නට නම් වෘත්තියවේදීන්ද ඉදිරිපත්විය යුතුයි

චෝදනාවලට ලක්වන තම සහචර නිලධාරීන්ව දේශපාලනඥයන් ආරක්ෂා කරනවා, නිලධාරීන් තම හාම් පුතා ආරක්ෂා කරනවා. නිලධාරීන් තම සේවා යෝජකයන් වන දේශපාලනඥයන් ආරක්ෂා කරයි. සහ ඉතිහාසය පුරාවටම මෙම දෙපාර්ශ්වය දෙක ආත්ම බන්ධනයක් හරහා නීතියේ හිඩැස් හරහා රිංගා යන අයුරු දැකගත හැකි වූ අතර රට ගොඩනැගීමට දේශපාලකයන්ට අමතරව වෘත්තිකයන් ද ඉදිරිපත් විය යුතුයි”

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...