34 C
Colombo
Monday, May 6, 2024

චීනයේ ඩිජිටල් ආධිපත්‍යයට අභියෝග කරමින් අප්‍රිකාව හරහා ඇමරිකාවෙන් අධිවේගී අන්තර්ජාල කේබල් පද්ධතියක්

- Advertisement -

ඇමරිකාව සහ අප්‍රිකාව ලෝකයේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන ප්‍රධාන මුහුද යට අධිවේගී අන්තර්ජාල කේබල් පද්ධතියක් ආරම්භ කිරීමට අරමුදල් සපයන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හෙළිදරව් කර තිබේ.

අප්‍රිකානු රාජ්‍යයන් තුනක බ්ලින්කන්ගේ සංචාරයක් අතරතුර, චීනයේ ඩිජිටල් ආධිපත්‍යයට සහ ඔත්තු බැලීමේ අරමුණුවලට එරෙහිව ඇමරිකාව ලෝකයට අනතුරු අඟවමින්, තීරණාත්මක සන්නිවේදන යටිතල ව්‍යුහය පාලනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් උණුසුම් වන අවස්ථාවේ මෙම නිවේදනය සිදු කර ඇති බව සදහන් වේ.

සැතපුම් 10,560 දුර විහිදෙන මෙම කේබල් පද්ධතිය, අග්නිදිග ආසියාවේ සිට මැද පෙරදිග හරහා සහ අප්‍රිකාව සහ යුරෝපය දක්වා විහිදෙන බව පැවසේ.

එක්සත් ජනපදයේ අරමුදල් සපයන මෙම කේබල් මාර්ගය මහාද්වීප හරහා රටවල් 12 කට වැඩි ගණනකට අධිවේගී සම්බන්ධතාවයක් ලබා දෙනු ඇත.

මේ සදහා , එක්සත් ජනපද ටෙලිකොම් සමාගමක් වන SubCom විසින් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති බව සදහන් වේ.

අප්‍රිකාව පුරා ගුවන්විදුලි ප්‍රවේශ ජාල තාක්‍ෂණය සැපයීමේදී Huawei සහ ZTE ඇතුළු චීන සමාගම්වල වැඩි වැඩියෙන් ආධිපත්‍යය දැරීම පිළිබඳව එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ ආරක්ෂක ගැටළු ඉස්මතු කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...