31 C
Colombo
Friday, May 3, 2024

ගෝඨා හෙට ශ්‍රී ලංකාවට?

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට හෝ අනිද්දා දින මෙරටට පැමිණෙනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා

මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඩේලි මිරර් පවසන්නේ තායිලන්තයට පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා සැප්තැම්බර් මුල් සතියේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවත් බොහෝ දුරට සැප්තැම්බර් 2 වැනිදා හෝ 3 වැනිදා ඔහු එසේ නැවත පැමිණීමට ඉඩ ඇති බවත් ය.

ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටියදී ඔහුට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැඟුණු අතර රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් කෝපයට පත් ජනතාව ඔහුගේ නිල නිවසට සහ කාර්යාලයට කඩා වැදීමෙන් පසුව ජූලි 13 දා අලුයම ඔහු ශ්‍රී ලංකාවෙන් පලා ගියේය. පළමුව මාලදිවයිනටත්, ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පැමිණීමෙන් පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ අතර සිංගප්පූරුවේදී ඔහුට දින 14ක සංචාරක අවසර පත්‍රයක් නිකුත් කරන ලදී.

ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 11 වැනිදා තායිලන්තයට ළඟා විය.

මේ වන විට ඔහුගේ මිරිහාන නිවසට දැඩි ආරක්ෂාවක් සපයා ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...