30 C
Colombo
Friday, May 17, 2024

පකිස්තාන පොලිසිය විරෝධතාවයේ නිරත වූ කාන්තාවක් වීදී දිගේ ඇද ගෙන යයි

- Advertisement -

අතුරුදහන් කර සහ පැහැරගෙන ඇති අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බලුච් කාන්තාවක්, පොලිසිය විසින් කරච්චි නගරයේ වීදි දිගේ ඇදගෙන ගොස් හිංසනයට ලක් කර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන අෂ්රෆ් බලුච් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පකිස්තානය යනු ඊනියා ඉස්ලාමීය පාකිස්තාන ජනරජයක් බවත් බලුච් අතුරුදහන් වූවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බලුච් කාන්තාවන් කරච්චියේ වීදි දිගේ ඇදගෙන ගොස් ඇති බවත්ය.

ඔහු පැවසුවේ පාකිස්ථානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් වීම අවාසනාවක් බවයි.

සිවිල් සමාජයේ උත්සාහයන් නොතකා, පාකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් දිගින් දිගටම සිදුවන බවට ද ඔහු චෝදනා නගා ඇත.

මේ අතර අයිතීන් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය (IFFRAS) පවසන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ ක්‍රියාව අවසන් කිරීමට අනුප්‍රාප්තික පාකිස්තාන රජයන් ප්‍රතිඥා දී ඇතත්, එහි අවසානයක් නොමැති බවයි.

බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ ජාත්‍යන්තර දිනයේ (අගෝස්තු 30) හිටපු නීති සම්පාදකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රාජ්‍ය ආයතනවලට සීමාවන් පැනවීම සහතික කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටියේය.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...