32 C
Colombo
Tuesday, May 7, 2024

බලහත්කාරයෙන් DNA ලබාගන්නා බවට චීනයට චෝදනාවක්

- Advertisement -

ටිබෙටයට එල්ල කරන පීඩාව තීව්ර කරමින් චීනය ටිබෙට් පුරවැසියන් නිරීක්ෂණය කිරීම සඳහා සමූහ DNA පරීක්ෂණ සිදු කරන බව වාර්තාවේ.

ටි‍බෙට් වැසියන්ගේ ජීව විද්‍යාත්මක දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව සදහන් වේ.

ටිබෙටය පුරා නගර සහ ගම්වල පදිංචිකරුවන්ගෙන් අත්තනෝමතික ලබාගත් DNA එකතුවක් දැනටමත් චීනය සතුව ඇති බව මානව හිමිකම් සංවිධාන විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවක් මගින් ද පෙන්වා දී තිබේ.

මෙමගින් පැහැදිළිව පෙන්නුම් කරන්නේ චීනය දැන් සිය තාක්ෂණික නිරීක්ෂණ කෙරෙහි විශ්වාසය තබමින් ජෛව ආරක්ෂාව පිළිබඳ මර්දනකාරී සහ අධිකාරී ප්‍රතිපත්තියේ ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින බවට ද එම සංවිධාන චෝදනා කරයි.

විශේෂයෙන්ම ටිබෙටය, නැගෙනහිර තුර්කිස්ථානය සහ දකුණු මොන්ගෝලියාව වැනි චීනය ආක්‍රමණය කර ඇති ප්‍රදේශවල ජනගහනය පාලනය කිරීමේ නියෝජිතායතනයක් ලෙස ජෛව ආරක්ෂාව ක්‍රියාත්මක කර ඇති බවට ද චෝදනා නැගී ඇත.

RECENT ARTICLES - SINHALA

වෙල්ගමට මාස තුනක නිවාඩුවක්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...