27 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියාවෙන් පළමු වරට දේශීය නිපදවු පළමු ප්‍රහාරක හෙලිකොප්ටරයක්

- Advertisement -

ඉන්දිය ගුවන් හමුදාව විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද සැහැල්ලු වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පෙලේ පළමු ඛණ්ඩය අද දිනයේදී හඳුන්වා දීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මිසයිල සහ වෙනත් ආයුධ ඇතුළු බහුකාර්ය අවි වලින් සමන්විත මෙම හෙලිකොප්ටරය මේ වන විටත් මුලික අවි පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ඇති අතර එහි සටන් දක්ෂතාවය ද මැනවින් පවතින බවයි යුද විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඉන්දීය රජය යටතේ ක්‍රියාත්මක Aeronautics Ltd (HAL) විසින් වැඩි දියුණු කරන ලද මෙම හෙලිකොප්ටරය මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ ඉහළ උන්නතාංශ ප්‍රදේශවල රාජකාරි සඳහා යෙදවීමටයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞධාරි ඉදිරියේ ජෝද්පූර් හි පැවැත්වෙන උත්සවයකදී එය ඉන්දීය ගුවන් හමුදාවේ ලැයිස්තුගත ගුවන් යානා ඝණයට ඇතුලත් කිරීමට නියමිතයි.

ටොන් 5.8 ක ද්විත්ව එන්ජින් හෙලිකොප්ටරය දැනටමත් විවිධ ආයුධ වෙඩි තැබීමේ පරීක්ෂණ අවසන් කර ඇති බවයි එම නිලධාරීන් සඳහන් කර සිටියේ.

ඉකුත් මාර්තු මාසයේදී, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව (CCS) දේශීයව සංවර්ධනය කරන ලද සැහැල්ලු හෙලිකොප්ටර් යානා 15 ක් නිපදවීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 3,887 ක ප්‍රසම්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ මෙම හෙලිකොප්ටර් යානා වලින් 10 ක් ඉන්දීය ගුවන් හමුදාවටත්, සෙසු යානා 5 ඉන්දීය හමුදාව සඳහා වන බවයි.

RECENT ARTICLES - SINHALA

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි තොගයක් පොලිස් අත්අඩංගුවට

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...