2014 වසරේ දී මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළ බවට චෝදනා කොට අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ජනවාරි 18 වන දින අධිචෝදනා පත්‍ර භාර දී ඇත.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර ඇති අතර විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.