34 C
Colombo
Friday, May 3, 2024

සත්කාරකයන්ගේ සිහිනය බොඳ කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයට

- Advertisement -

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟයෙන් ද එංගලන්තය හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිඩ්නි පිටියේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 45කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 67ක් ලබා ගත්තා.

එංගලන්ත පන්දු යවන්නන් අන් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදීමට වග බලා ගත්තා.

පන්දු යැවීමේදී මාර්ක් වුඩ් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 142ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 4ක් අතැතිව ජයග්‍රාහී ඉලක්කයක් පසුකර ගියා.

විටෙක එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 75කට කිසිවෙකු නොදැවී තරඟයේ පාලනය සියතට ගෙන සිටි නමුත් වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා දඟ පන්දු යවන බලඇණිය ක්‍රියාත්මක වීම සමඟ තරඟයේ වාසිය කණ්ඩායම් දෙක අතරම දෝලනයට ලක් වුණා.

කෙසේ වෙතත් එක් අන්තයක සිටිමින් ඉවසිලන්ත පිතිකරණයක යෙදුණු බෙන්ස් ස්ටොක් පන්දු 36කදී ලකුණු 42ක් ලබා ගනිමින් කණ්ඩායමට අවශ්‍යව තිබු ජයග්‍රහණය ලබාදීමට සමත් වුණා.

ඒ අනුව සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අවසන් පුර්ව වට සිහින බොඳ කරමින් එංගලන්තය නවසීලන්තය සමඟ පළමු කාණ්ඩයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...