31 C
Colombo
Friday, May 3, 2024

සමාරම්භක උළෙලේ විචිත්‍රත්වය අඳුරේ හෙළා සත්කාරක කටාර් දේශය පළමු තරඟයේදීම පරාජය වෙයි

- Advertisement -

සිව් වසරකට වරක් දිගහැරෙන ලොව ජනප්‍රිය ක්‍රීඩාවේ මෞලි මංගල්‍යයේ 22 වැනි අදියර විචිත්‍රවත් සමාරම්භක උළෙලක් සමගින් කටාර් හිදී ආරම්භ වුණා.

සමාරම්භක උලෙල නැරඹීම සඳහා 60,000කට ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් Al Bayt ක්‍රීඩාංගනයට එක්ව සිටියා.

කටාර් සම්ප්‍රදායික විචිත්‍රාංගවලින් සමන්විත වූ 2022 පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ සමාරම්භක උළෙල ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නළු මෝර්ගන් ෆ්‍රීමන්, කටාර් යූටියුබ් ක්‍රියාකාරිකයෙක් වන ගානිම් අල්-මුෆ්තා හා එක්ව හැඩකළා.

දකුණු කොරියානු පොප් ගායක Jung Kook, Al Bayt ක්‍රීඩාංගනයේදී කටාර් ගායක Fahad Al Kubaisi සමඟ එක්ව Dreamers නම් තරඟාවලියේ ගීතය ගායනා කළේ ඉතිහාසය පුරා පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා නිර්මාණය වුණු ගීත එකතුව සමග ඒ ඒ ලෝක කුසලාන සඳහා යොදා ගැනුනු සුරතලුන්ගෙන් හැඩවුණු විචිත්‍රවත් නිර්මාණයකින් අනතුරුවයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, ඊජිප්තු, තුර්කි සහ ඇල්ජීරියා ජනාධිපතිවරු මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ද සමාරම්භක උලෙලේ ආරාධිතයන් අතර සිටියා.

මිනිත්තු 30ක සමාරම්භක උළෙල අවසන් වුණේ Al Bayt ක්‍රීඩාංගනයට ඉහළ අහස හැඩකළ විචිත්‍රවත් ගිනිකෙලි සංදර්ශනයකින්.

ඒ සත්කාරක කටාර් දේශය සහ ඉක්වදෝරය අතර මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාංගනයේ ඉඩ හසර ලබා දෙමින්.

නමුත් ඉතිහාසය වෙනස් කළ කටාර් දේශය, පාපන්දු ලෝක කුසාලන තරගාවලියකදී සමාරම්භක තරගය පරාජය වූ පළමු සත්කාරක රට බවට පත්වුණා.

ඉක්වදෝරය තරගය ජයගත්තේ ලකුණු 2 – 0 ක් ලෙසයි.

තරගයේ 16 වැනි විනාඩියේදී ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් Enner Valencia 31 වැනි විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කරමින් ඉක්වදෝරය පළමු අර්ධය තුළදීම ප්‍රබල ස්ථානයකට රැගෙන ආවා.

නමුත් තරගය පුරාම නොසන්සුන් සහ නොගැලපෙන හා අසංවිධානාත්මක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ කටාර් ක්‍රීඩකයින් විචිත්‍රවත් සමාරම්භ උළෙලේ උද්යෝගය මුලුමනින්ම නොපිට හැරවූවා.

අප්‍රිකානු ශූරයින් වන සෙනගාලය සහ තෙවරක් ලෝක කුසලාන අවසන් මහා තරගය නියෝජනය කර ඇති නෙදර්ලන්තය හා එකම කණ්ඩායමක සිටින කටාරයට ජයග්‍රහණය ගැන තිබූ පහසු බලාපොරොත්තුව මෙලෙස බිඳී යෑම තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත් කරනු ලැබ තිබෙනවා
2010 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකයින් වු දකුණු අප්‍රිකාව මූලික වටයෙන් ඉවත් වූ එකම සත්කාරකයින් වන අතර මෙවර කටාර් දේශය ඔවුන් සමග එක් වනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...