34 C
Colombo
Friday, May 3, 2024

ඉන්දියාවේ අරාබි අයෝජන ඩොලර් බිලියන 10 ඉක්මවයි

- Advertisement -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වෛරී ධන අරමුදල විසින් පුනර්ජනනීය බලශක්තිය, ටෙලිකොම්, මාර්ග යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් අංශ හරහා ඉන්දියාවේ ඩොලර් බිලියන 10 කට වඩා ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ නිශ්චල දේපල සංවර්ධකයින්ගේ සංගමයේ (CREDAI) තුන්දින වාර්ෂික සමුළුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි ඉන්දීය තානාපති සංජේ සුධීර් අවධාරණය කළේ ද්විපාර්ශ්වික ආයෝජනවල වැඩිවීමක් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වේගවත් වී ඇති බවයි.

ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2014 සිට ද්විපාර්ශ්වික සබඳතාවල වේගවත් ප්‍රගතියක් ලබා තිබෙන බව ඔහු පැවසීය.

2022 පෙබරවාරි මාසයේ දී විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (CEPA) අත්සන් කිරීමත් සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩව ශක්තිමත් වී ඇති බව ද මෙහිදී අනාවරණය කෙරිණ.

පසුගිය වසර පහක පමණ කාලය තුළ අදාළ අයෝජන සිදුකර ඇති බව ද මෙහිදී හෙළිදරව් විය.

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...