34 C
Colombo
Friday, May 3, 2024

චාමිකට වසරක ක්‍රිකට් තහනමක්

- Advertisement -

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නහට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට පනවා තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ පසුගියදා පැවැති පන්දුවාර 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියේ දී ක්‍රීඩක විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවූ සියලු චෝදනාවලට ඔහු වැරදිකරු වීම හේතුවෙන්.

මෙම චෝදනා විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇත්තේ චාමික කරුණාරත්න උල්ලංඝනය කර ඇති ක්‍රීඩක ගිවිසුම් කොන්දේසි බරපතළ තත්ත්වයේ පවතින බවයි.

මෙමඟින් ඔහුගේ ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් ඇති නොවන ලෙස දඬුවමක් පැනවීම සුදුසු බවයි එම කමිටුව ක්‍රිකට් විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ චාමික කරුණාරත්න හට සියලු මාදිලියේ ක්‍රිකට් තරඟ සඳහා වසරක තහනමක් පැනවිමටයි.

මෙම තහනම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබූ එකක් වන අතර ඊට අමතරව ඔහුට ඇමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අත්හිටවූ තරග තහනම පැනවූ කාලය තුළ චාමිකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිම බාධාවක් නොවන බවයි.

කෙසේ වෙතත් චාමික කරුණාරත්න හට පනවා ඇති මෙම වසරක පරිවාස කාලය තුළ දී නැවතත් ක්‍රීඩක ගිවිසුම් සහ විනය විරෝධී හැසිරීම්වල නිරත වුවහොත් ඔහුට එරෙහිව පනවා අත්හිටුවා ඇති වසරක සියලුම මාදිලියේ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...