33 C
Colombo
Friday, May 3, 2024

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් මියෝ කාලා

- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත්ව තිබියදී පොලිස් භාරයට ගත් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් විනාශ කර තිබෙනවා.

ඉන්දීය පොලීසිය සඳහන් කළේ අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය සාක්ෂි ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබුණා.

අත්අඩංගුවට ගත් ගංජා අතුරින් කිලෝග්‍රෑම් 195ක් පමණ මීයන් විසින් විනාශ කර ඇති බවයි අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය විසින් අධිකරණයට දන්වා ඇති බවයි.

මීයන් ප්‍රමාණයෙන් කුඩා වීම සහ ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති වීමෙන් ඒ සම්බන්ධව නිසි පියවරක් ගැනීමට හැකියාව නොලැබුණු බව පොලීසිය අධිකරණයේ දී පෙන්වා දී තිබෙනවා.

එහිදී නඩුවේ කැඳවූ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි එඩිතර මියන්ගෙන් පොලිස් භාරයට ගත් ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ ඒවා ඖෂධ පර්යේෂණගාරවලට හා ඖෂධ සමාගම්වලට වෙන්දේසි කර ඉන් ලැබෙන ආදායම රජයට පැවරීම බවයි.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...