34 C
Colombo
Friday, May 3, 2024

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කළ කමිටුවේ යෝජනාවට කැබිනට් අනුමැතිය

- Advertisement -

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුවක් ලබා දුන් යෝජනාවලිය ඊයේ (28) විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි.

ලබාදුන් නිර්දේශ මත විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අද (29) සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...