31 C
Colombo
Friday, May 3, 2024

ආර්ජන්ටිනාව සමග පෝලන්තය පිලිමලුන් පිටුදැකීමේ වටයට

- Advertisement -

සෞදි ආරාබිය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලබමින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළද යළි සුපුරුදු රිද්මයට අවතිරණව පිලිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නට සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනාව සමත් වුණා.

ඒ පෝලන්තය සමග පැවති තරගය 2 – 0 ක් ලෙස ජයගනිමින්.

මෙසීට ලැබුණු දඬුවම් පහරක් සර්ථක කරගනීමට නොහැකි වීමත් සමග තරගයේ පළමු අර්ධය ⁣ගෝල නොමැතිව නිමා වුවත් දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ Alexis Mac Allister සහ Julian Alvarez ආර්ජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ තවත් අදියරක් ඉදිරියට රැගෙන ගියා.

මේ අතර සී කාණ්ඩයේ තවත් තරගයක් සෞදි අරාබිය සහ මෙක්සිකෝව අතර පැවැත්වුණා.

එය වැදගත් වුණේ එම කණ්ඩායම් දෙකේම මෙන්ම ආර්ජන්ටිනාව සමග තරග වැදුණු පෝලන්තයේ ඉරණමද ලියැවී තිබුණේ මේ තරගය මත හේතුවෙන්.

තරගය 2 -1 ලෙස මෙක්සිකෝව ජය ගත්තද ගෝල ලබා ගැනීම මත කණ්ඩායම් දෙකම තරගාවලියෙන් ඉවත් වූ අතර පෝලන්තය පිලිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබුවා.

තරගයේ 94 වැනි මිනිත්තුව දක්වාම 2 -0 ක් ලෙස ඉදිරියෙන් සිටි මෙක්සිකෝව පිලිමලුන් පිටුදැකීමේ වටයට පිවිසීමේ ඉඩ හසර විවර කරගෙන සිටියා.

ඒ FIFA Fiar play නීතියට අනුව ප්‍රසාද ලකුණු සටහනේ සම තත්ත්වයේ පවතින අවස්ථාවේ ඊළඟ වටයට පිවිසීම ගෝල 2ක පරතය තබා ගැනීම මත තීරණය වන බැවින්.

නමුත් 95 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත් Salem Al Dawsari මෙක්සිකෝ බලාපොරොත්තු බිඳ දැමුවා.

ඒ අනුව සී කාණ්ඩයෙන් ආර්ජන්ටිනාව සමග පෝලන්තය ලෝක කුසලාන පිලිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබුවා

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...