34 C
Colombo
Friday, May 3, 2024

පවිත්‍රා IDH දැඩි සත්කාර ඒකකයට

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (28) අංගොඩ බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඇය හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පෙරවරුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත මාරු කර යවා තිබුණා.

කෙසේ වෙතත්, ඇගේ COVID 19 රෝග ලක්ෂණ පෙනෙන්නට පටන් ගැනීමත් සමඟ ඇය ඊයේ සවස IDH රෝහල වෙත රැගෙන ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ ඇය සුවය ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වන විට IDH දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර, ඇගේ ස්වාමිපුරුෂයා වන කාංචන ජයරත්න සහ ඇගේ දියණිය COVID 19 සඳහා ඊයේ සිදු කළ දෙවන පරීක්ෂණ වලදී සෘණාත්මක බව තහවුරු වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...