33 C
Colombo
Friday, May 3, 2024

තිස්ස අත්තනායකගේ දුව නිසා සජිත් පිළ කැළඹෙයි

- Advertisement -

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මෙනෙවිය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවන ලේකම් ධූරයක් ලබාදීම පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් විරෝධය පලකර තිබෙනවා.
මේ සමගම සමගි ජනබලවේගයේ සිටිමින් වත්මන් ආණ්ඩුව සමඟ යළිත් ඩීල් දේශපාලනයේ යෙදෙන මන්ත්‍රීවරුන් පිරිසක් පිළිබදව කතාබහක්ද ඉස්මතුව තිබෙනවා.
තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්වීමට විරෝධය දක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියෙන් ආණ්ඩුව හා අත්තනායක මහතා අතර තිබෙන රහසිගත සබඳතා පෙන්නුම් කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සමගි ජනබලවේගය නිර්මාණය කිරීමට මුලිකයෙකු ලෙස තිස්ස අත්තනායක මහතා කටයුතු කලද ඊට පෙර ඔහුගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කෙරුණා.
2015 ජනාධිපතිවරණය පැවැත්වීමට මාස කිහිපයක් තිබියදී තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා ඒකවූ අතර ඉන් පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධූරයද හිමිවූවා.
ඔහු ආණ්ඩුවට එක්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇතැයි පවසමින් කූඨ ලේඛණයක් ඉදිරිපත් කිරීම නිසා පසුව සිරගතවීමට ද සිදුවූවා.

නැවත සමගි ජනබලවේගයට ඔහු එක්වූ පසුව පෙර වැරදි අමතක කොට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පවා පත්කොට ජාතික සංවිධායක තනතුරද ලබාදීමෙන් පසුවද එවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ බහුතරයක් තුළ කළකිරීමක් ඇතිව තිබෙනවා..

සිරගතව සිටියදී තමන් ලැබූ අත්දැකීම් අලලා තිස්ස අත්තනායක මහතා ග්‍රන්ථයක් ලියූ අතර එය පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාටද පිළිගැන්වීමට කටයුතු කිරීම පිළිබදවද විවේචන එල්ලවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...