33 C
Colombo
Friday, May 3, 2024

මැතිවරණයේ දී එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 15යි – මැතිවරණ කොමිසම

- Advertisement -

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද විමසීමේදී එක් ඡන්ද දායකයෙක් රුපියල් 15ක ප්‍රමාණයක් වියදම් කළ හැකි බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවයට පැමිණ තිබෙනවා.

එම අගය ජනතාවගේ ප්‍රමාණයෙන් වැඩිකර ලැබෙන අගය එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි බවයි කොමිසම පෙන්වා දී ඇත්තේ.

සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ එයින් 60% ක ප්‍රමාණයක් පක්ෂයකට වියදම් කළ හැකි සීමාව බවයි.

ඒ අනුව මැතිවරණය අවසන් වී දින 21ක් තුළ තරඟ කර අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ සියලු ආකාරයේ වියදම් ඇතුළත් කර විගණනය කරන ලද වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාවට භාර දිය යුතු වනවා.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ මුදල් සිමාවෙන් ඔබ්බට වියදම් සිදුකර ඇති බව ඔප්පු වුවහොත් අධිකරණය තුළදී අදාළ ධුරය අහිමිවීමට හැකියාවක් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...