33 C
Colombo
Friday, May 3, 2024

මාසික වැටුප් සතිපතා ගෙවන්න – මන්ත්‍රීවරයෙක්ගෙන් රජයට අපුරු යෝජනාවක්

- Advertisement -

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු පෙන්වා දෙන්නේ එලෙස සිදු කිරීමෙන් දැවැන්ත මුදලක් එකවර සොයා ගැනීමේ අභියෝගය රජයට මුහුණ දීමට සිදු නොවන බවයි.

වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම මින් වැලකි යන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන දිනයේ දී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි යැයි ආණ්ඩුවේ ඇමතිවරුන් පැවසුවා. ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම් වලටත් මාසික වැටුප් ගෙවීම බරපතල අභියෝගයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශය පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ. අනිත් පැත්තෙන් ජනතාවට බදු නිසා ආදායම අඩු වෙලා.

උද්ධමනය නිසා වියදම වැඩි වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ පුරුදු විධියට වියදම් කරන්න බැරි වෙලා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මාසයකට ලැබුණු වැටුප සති තුනක් වෙන්නත් කලින් අවසන් වීම. ඉතිරි සතිය ගත කරන්න පොලියට ණය ගන්නවා. ඊ ලඟ මාසයේ පොලියත් එක්ක ණය ගෙවන විට අර්බුදය තවත් උග්‍ර වෙනවා. අවසානයේ ජනතාව ණය උගුලක සිර වෙලා බෙල්ල වැල දා ගන්නයි වෙන්නේ.

වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා.

වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.”

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...