27 C
Colombo
Friday, May 3, 2024

රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ප්‍රශ්ණවලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

ඒ මහතා පවසන්නේ රටේ ඉතිරි ප්‍රශ්ණ ද විසඳූවහොත් බොහෝ දෙනාගේ බවයි.

මේ නිසා මෙම කණ්ඩායම් ජනාධිපතිවරයා එලවීමේ සමාජීය ගැටුම් නිර්මාණය කරමින් රටේ ආර්ථිකය බිංදුවට ගෙන ඒමට උත්සහ කරන බව ඔහු පෙන්වා දෙනවා.

අධිකරණ පද්ධතිය උපයෝගී කරගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට තර්ජනය කරමින් මානසිකව බිඳවීමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බවද ඒ මහතා සඳහන් කරන්නේ.

රට යළිත් හුස්ම ගන්නා තත්ත්වය විනාශ කිරීමට බලා සිටින කණ්ඩායම් මෙසේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන බවත් පැවසූ ඔහු මුදල් ලේකම්වරයාට මෙවන් මානසික පීඩනයක් ඇති කළ විට රටේ ආර්ථිකයට අයහපත් අයුරින් බලපාන බවද එනිසා මෙවන් අවස්ථාවක එවන් දේවල් නොකළ යුතු බවත් වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...