31 C
Colombo
Friday, May 3, 2024

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව වෛද්‍ය පාදෙණිය කියයි

- Advertisement -

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවානම් ලෝකයේ වැඩිම වස කන්නේ ලංකාව. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු සිටින නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විෂ දාන්න එපා කියන එක. පාර්ලිමේන්තුව ඔබ තුමාන්ලා අතේ තියෙන්නේ. වස විෂ දාන එක නතර කරන්න.

දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් යොදලා තමයි මේ ඉන්නේ.  පණ්ඩුකාභය රජතුමාගේ ඉදලා අපේ තිබුණ ජාන ශක්තිය හින්දා මෙහෙම ඉන්වා මිසක් නැතිනම් මේ විදිහට වස කාල, පාංශු ජීවින් සියලුදෙනාම මරලා. “

RECENT ARTICLES - SINHALA

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...