27 C
Colombo
Friday, May 3, 2024

මාව එළෙව්වේ හිටපු හමුදාපති – ඉම්රාන් ඛාන්

- Advertisement -

රට තුල උද්ගතව ඇති සියලුම අර්බුදවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව බව පාකිස්තානයේ හිටපු අගමැති සහ පකිස්ථාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ(PTI) සභාපති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගියදා ලාහෝර් හි පැවති ‘නීතියේ ආධිපත්‍යය’ මැයෙන් වූ සමුළුවක් අමතමින් ඔහු මෙම චෝදනාව එල්ල කළේය.

රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික හා දේශපාලන අභියෝග පිළිබඳව සඳහන් කරමින් ඉම්රාන් ප්‍රකාශ කරන ලද්දේ, හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් (විශ්‍රාමික) ජාවේඩ් බජ්වාගේ මැදිහත්වීමෙන් සිය ආණ්ඩුව පෙරලා දැමූ දිනයේ සිට රට අවිනිශ්චිත භාවය වෙත ගමන් කිරීම ආරම්භවූ බවයි.

ඉම්රාන් ඛාන් බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජාතික සභාවේදී විශ්වාසභංගයක් සම්මත කිරීම මගිනි. හිටපු අගමැතිවරයා පැවසූයේ එක් පුද්ගලයෙක් තම ආණ්ඩුව වෙනස් කිරීමට තීරණය කර කුමන්ත්‍රණයක් දියත් කළ බවයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වර්තමාන පාලනයට කිසිදු සැලැස්මක් නොමැති බැවින් ආනුව විසින් රට බරපතල ආර්ථික අර්බුදයකට ගෙනගොස් ඇති බවද ඔහු පැවසීය.

ඉතිහාසයේ කිසි දිනෙක පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන තරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නොමැති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...