27 C
Colombo
Friday, May 3, 2024

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත් වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් අද (03) එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති සහ යම් මත ගැටුමක් නිර්මාණය වීම හේතුවෙන් මොවුන් දෙදෙනා ඉල්ලා අස්වී ඇති බවටයි කොමිසමේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු ජනාධිපතිවරයා හමුවී කරුණු කාරණා සාකච්ඡා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...