34 C
Colombo
Friday, May 3, 2024

චීන විදුලියෙන් පාකිස්ථානයත් අමාරුවේ

- Advertisement -

චීන ව්‍යාපෘති මගින් උත්පාදනය කෙරෙන විදුලිය නිසා දරාගත නොහැකි බලශක්ති අතිරික්තයකට පාකිස්ථානය මේ වනවිට මුහුණ දී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

චීන ණය යොදාගනිමින් විදුලි ව්‍යාපෘති 12 ක් මෙසේ ක්‍රියාත්මක යැයි ද එම ණය ගෙවීමේදී ද පාකිස්ථානය අර්බුදයකට මුහුණ දී ඇති බව එහි වාර්තා කර ඇත.

මේ නිසා පාකිස්ථානය බරපතල මූල්‍ය අර්බුදයකට පවා ලක්ව ඇති අතර ණය කොන්දේසි ලිහිල් කිරීමට දෙරට නිල නොවන සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙගාවොට් 38 000 කට අධික ජාතික ධාරිතාවෙන් 27%ක් ජලය, 16%ක් ඌෂ්මක ඉන්ධන, 12%ක් ස්වාභාවික වායු, 26%ක් ද්‍රව වායු, 9%ක් ගල් අඟුරු, 5%ක් පුනර්ජනනීය හා 5%ක් න්‍යෂ්ටික බලය ආදී ලෙස බෙදී යයි.

කෙසේ වෙතත් අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ තවදුරටත් පාකිස්ථානයට ගල් අඟුරු බලාගාර අවශ්‍ය නැති බවය.

දේශගුණික යුක්තිය හා පිවිතුරු බලශක්තිය නමැති පාකිස්ථාන සංවිධනය පවසන්නේ අගමැතිවරයා ගත් මෙම තීරණය නිවැරැදි එකක් බවය.

කෙසේවෙතත් බලශක්ති විශ්ලේෂකයකු වන ෂොහිබ් මලික් පාකිස්ථාන දේශපාලන නායකත්වය හා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර නිසි සාකච්ඡාවක් නොමැතිකම නිසා පාකිස්ථාන බලශක්ති ක්‍ෂේත්‍රයෙහි අසංගතභාවයක් හටගෙන ඇතැයි පවසයි.

පාකිස්ථාන බලශක්ති ඇමැති ඕමාර් අයුබ් ඛාන් එරටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා චීන ආයෝජන ලබාගැනීම ගැන ද චීන තානාපති නොන් රොන් සමග සාකච්ඡා කළේය.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...