30 C
Colombo
Wednesday, May 22, 2024

තලේබාන්ලාගේ ආගම ගැන ඉස්ලාමීය ලෝකය කනස්සලෙන්

- Advertisement -

තලේබාන්වරුන් ඉස්ලාම් දහම අර්ථකථනය කරන ආකාරය විසින් ලොව පුරා දේශපාලනික අභියෝග නිර්මාණය වීම සම්බන්ධයෙන් අනෙකුත් ඉස්ලාමීය රටවල් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.

ඩුබායි පදනම් කරගත් මාධ්‍ය ජාලයක් වන අල් අරාබියා පෝස්ට් පවසන පරිදි, තලේබාන් සංවිධානය ඉස්ලාම් ආගම පිළිබඳ ඔවුන්ගේම අර්ථකථනය මත පදනම්ව ෂරියා නීති බලාත්මක කරමින් සිටී.

ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ සංකල්පයෙන් සහ සැබෑ ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමෙන් ඈත් වූ මුස්ලිම් රටවල් අතර පාකිස්ථානය ද සිටින බව වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

පාකිස්ථානයේ දැඩි මතධාරී සුන්නි කණ්ඩායමක් වන තලේබාන් සංවිධානයේ දෘෂ්ටිවාදී බලපෑම අද ටෙහ්රීක්-ඊ-තලිබාන් පාකිස්තාන් (ටීටීපී) නැමති ත්‍රස්ත සංවිධානයේ ස්වරූපයෙන් දක්නට ලැබෙන බව එම වාර්තා සඳහන් කරයි.

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) පවා ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව තලේබාන් සංවිධානයේ ක්‍රියාවන් සැලකිල්ලට ගෙන ඇති අතර, සිය මාර්ගය නිවැරදි කරන ලෙස තලේබාන්වරුන්ට මතක් කර දී තිබේ.

2022 දෙසැම්බරයේ OIC සාමාජික රටවල් 57 විසින්, ඇෆ්ගනිස්ථානය පිළිබඳ විශේෂ රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති මූලධර්ම සහ අරමුණු පිළිපදින ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

RECENT ARTICLES - SINHALA

අලි මරණ නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...

ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර...

මියගිය පුද්ගලයකුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...