25 C
Colombo
Tuesday, May 14, 2024

බිළිඳා දුම්රියේ දමා ගිය යුවලට ඇප

- Advertisement -

මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවල ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝගය කර තිබෙනවා.

මෙම නඩුව අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත්තේ.

දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ ඇප ලැබීමෙන් අනතුරුව අද (17) දිනය තුළ දී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඉන් අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාට නැවතත් එම මව්පියන් වෙත භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අනුව අධිකරණය නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා මව්පියන් වෙත භාර දෙන ලෙසටයි.

ඊට අමතවර දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...