33 C
Colombo
Monday, May 6, 2024

සිරිනිවාස මට දුන්න කෝටි 10 ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කරන්න – කාන්තාවක්

- Advertisement -

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් තමන්ට තෑගි ඔප්පුවකින් ලබා දුන් කෝටි 10 ක් වටිනා නිවස සහිත ඉඩමේ ඔප්පුවට ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවක් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නමති කාන්තාවක් වන අතර ඇය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/එන/2022 අංක දරන පෙත්සමක් එලෙස ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් අනුරාධපුර පළමු පියවරේ පිහිටි නිවස සහිත ඉඩම අංක 5493 දරන තෑගි ඔප්පුවකින් උන් වහන්සේ අපවත් වීමට දින පහකට පෙර තමන්ට ලියා දුන් බවත් , එකී නිවස සහිත ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කිරීම රෙජිස්ටර් ජනරාල්වරයා ප්‍රතික්ෂේප ඇති බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ තෑගි ඔප්පුව වහා ලියාපදිංචි කිරීම කරන ලෙස රෙජිස්ටර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස දිනේෂා කුමාරි හේරත් ඉහත පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...