සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්ව ලබන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධව සිදුකර ඇති නියෝගයට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අනුව සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධනට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම සිදු කෙරෙනු ඇති.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි මෙම දේශපාලන පක්ෂ දෙක වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.