34 C
Colombo
Friday, May 3, 2024

කලාකරුවෝ ක්‍රිකට් තරු ඇතුළු 266ක් මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගන්නවා – මෙන්න ලැයිස්තුව

- Advertisement -

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගණන 266ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නවතම වර්තාවක දැක්වෙන්නේ ඉන් මන්ත්‍රීවරුන් 120 දෙනෙක් පමණ මියගොස් ඇති බැවින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් බිරින්දෑවරුන් ලබා ගන්නා බවයි.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා පමණක් වාර්ෂික වැය කරන මුදල රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වැය වෙන බව වාර්තා වනවා.

හිටපු කාන්තා මන්ත්‍රීවරියන් 15 දෙනෙක් විශ්‍රාම වැටුප් ලබා ගන්නා බවද සඳහන් වනවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන්දෙනෙක් විශ්‍රාම වැටුප ලබා ගනිමින් සිටින අතර එම වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමින් වහන්සේලා පස් දෙනෙක් විශ්‍රාම වැටුප් ලබා ගනිමින් සිටිනවා.

එම ස්වාමීන් වහන්සේලා වන්නේ එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකීර්ති,අක්මීමන දයාරත්න, අපරැක්කේ පුඤ්ඤානන්දයි.

මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක යන කලාකරුවන් සිව් දෙනෙක් ද විශ්‍රාම වැටුප් ලබමින් සිටිනවා.

තවද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට ද විශ්‍රාම වැටුප් ලැබෙන අතර අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය එම දෙදෙනා වෙනවා.

ඊට අමතරව දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54000) තුනෙන් එකකට එනම් රුපියල් 18095ක මුදලට, තවත් රුපියල් 25000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි.

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...