32 C
Colombo
Monday, May 6, 2024

පසුගිය වසරේ ආණ්ඩුවේ සිගරට් බදු ආදායම කෝටි දස දහසයි

- Advertisement -

පසුගිය 2020 වසරේ දී ලංකා දුම්කොළ සමාගමේ පිරිවැටුම රු. බිලියන 132.14 ක් (රු. කෝටි 13,214 ක්) බව ඒහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. කෙසේ වෙතත් මාර්තු මැද භාගයේ සිට කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමත්, ඉන්පපසු රටේ  විවිධ ප්‍රදේශ වරින් වර හුදෙකලා කිරීමට ලක්කිරීමත් හේතුවෙන් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී අලෙවි ආදායමේ පහළ යාමක් සිදුව ඇති බව සමාගම වැඩිදුරටත් කියා සිටී. 2019 වසරේ ලංකා දුම්කොළ සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 141.34 කි.

මේ අතර 2020 වසරේ දී රජයේ බදු ලෙස රු. බිලියන 100 ක බදු ආදායමක් රජයට ලබා දීමට ලංකා දුම්කොළ සමාගම සමත් වී ඇතත්, සමාගම පවසන්නේ 2019 වසරේ දී ඒය රු. බිලියන 105.81 ක්ව පැවති බවයි. ඒසේම 2019 වසරේ දී දුම්කොළ සමාගම ආදායම් බදු ලෙස රජයට රු. බිලියන 11.43 ක් ගෙවා තිබෙන අතර ඒය 2020 වසරේ දී රු. බිලියන 9.85 ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ.

මේ අනුව 2020 වසරේ දී සිගරට් අලෙවිය පහළ යාමට සාපේක්ෂව රජයේ බදු ආදායම ද පහළ ගොස් තිබේ.

තවද 2020 අවසන් කාර්තුවේ දී සිගරට් අලෙවි පරිමාවෙහි 19% ක පහළ යාමක් වාර්තා වන බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් කියා සිටී.

කෙසේ වෙතත් නිල වශයෙන් මෙරට තුළ සිගරට් නිෂ්පාදනය හා අලෙවිය සඳහා බලයලත් ඒකම සමාගම වන ලංකා දුම්කොළ සමාගම විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති මූල්‍ය ප්‍රකාශන අනුව තත්ත්වය ඒසේ වුවද, පර්යේෂණ වාර්තා සඳහන් කරන්නේ මෙරට නීතිවිරෝධී දුම්වැටි ව්‍යාපාරය ඉතා විශාල බවයි. මේ හේතුවෙන් අතිවිශාල බදු ආදායමක් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම් හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන බව ඒම පර්යේෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.

RECENT ARTICLES - SINHALA

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක...

ලයිට් බිල ගැන ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස 3ක් තුළ රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ...

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...