32 C
Colombo
Saturday, May 11, 2024

ගුරු විරෝධතාවයට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හරින ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව සිදුකරන විරෝධතාවයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (22) නියෝගයක් නිකුත් කළා.

මේ අනුව විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලු මුවදොර භූමියට ඇතුළු වීම තහනම් වනු ඇති.

මහජනතාවට පීඩාවක් නොවන සේ උද්ඝෝෂණය සිදු කරන ලෙස සහ රාජ්‍ය දේපලවලට අලාභ හානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී විරෝධතාකරුවන්ට නියෝග කර තිබෙනවා.

තවද අවහිර සිදුවන සේ කොළඹ මාර්ග කිහිපයක ගමන් කිරීම ද අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව කොටුව දුම්රියස්ථානයේ සිට CTO හන්දිය දක්වා ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යොර්ක් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වට රවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර දක්වාත් ඇති මාර්ගයන් අවහිර නොකරන ලෙසට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක කමට ධම්මිකට වැඩි ඉඩක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති...

අවුරුදු 38ක්.වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වසර 38ක් තුළ වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙකු යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් රථවාහන...

එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ – සේනක ද සිල්වා

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ඊයේ (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...