25 C
Colombo
Tuesday, May 14, 2024

මහින්දට සහ බැසිල්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධව විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යන මහත්වරුන්ට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියම කළා.

අදාළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

අදාළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේදී ඒවා වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝග ඉකුත් ඔක්තෝම්බර් මස 07 වන දායින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බව පෙන්වා දුන්නා.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දෙන නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...