27 C
Colombo
Friday, May 3, 2024

බටහිර පර්යන්තය නොදෙන්නැයි නැවතත් ජනපතිට ලියයි

- Advertisement -

කොළඹ වරායේ බටහිර පර්යන්තය විදේශ සමාගම්වලට ලබානොදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

බටහිර පර්යන්තය යනු නැගෙනහිර පර්යන්තය මෙන්ම ජාතික ආර්ථිකයට වැදගත් මර්මස්ථානයක් යැයි ද එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රටවල් දෙකක ගොදුරුබිමක් බවට රට පත් නොකොට මෙම ප්‍රශ්නය විසඳන්නැයි සිය ලිපිය මගින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

2021.01.21 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දත්ත වැරැදි බවත් සී.අයි.සී.ටී සමාගම කොළඹ වරාය මෙහෙයවන මුළු බහාලු ප්‍රමාණයෙන් 41%ක් මෙහෙයවා ඊට අදාළ ලාභයෙන් 85%ක් චීනයට රැගෙන යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය හා ජපාන නියෝජිතයන සම්බන්ධ කරගැනීමට අදාළ දැනුම්දීම අද (17) සිදුකෙරෙන බව වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පවසයි.

ඉන්දියාවේ හා ජපානයේ තානාපති කාර්යාලවලට මෙම දැනුම්දීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවට හා ජපානයට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් හිමිවීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...