33 C
Colombo
Friday, May 3, 2024

මෝදිගෙන් කාන්තාවට නිසි තැන

- Advertisement -

කාන්තාව හුදු ගෘහණියක් පමණක් නොව ජාතිය ගොඩනඟන්නෙක්ද වන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පෙන්වාදී ඇත.

අන්තර්ජාතික කානතා දිනයට සමගාමිව පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසා ඇත්තේ, “අද නව ඉන්දියාවේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා නවීන තාක්‍ෂණයන් යෙදවීමයි. මෙය කාන්තාවන් තවදුරටත් ගෘහණියන් ලෙස පමණක් නොව ජාතිය ගොඩනඟන්නන් බවට ප්‍රකාශ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දැක්මට අනුකූල වේ. ” යනුවෙනි.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී ඉදිරි දින කිහිපය තුළ ආරම්භ වන කාන්තාවගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ 67 වැනි සැසිවාරයේ ප්‍රමුඛතා තේමාව සමඟ ද මනාව සමපාත වන බවයි ඇය පවසා ඇත්තේ.

ඉන්දියාව අද කාන්තා සංවර්ධනය වෙනුවට කාන්තාව නායකත්වය දෙන සංවර්ධනයක් වෙත ගමන් කරමින් සිටින බවත්,
ඉන්දීය සභාපතීත්වය යටතේ G-20 සමුළුවේදී කාන්තාවන් මූලික කරගත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවත් ඇය සඳහන් කළාය.

“අපි අනාගතයට සූදානම් වීමට නම්, අවධානය යොමු කළ යුත්තේ, කාන්තාවන් කතිකාවේ කේන්ද්‍රයේ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයේ තැබීමයි. නෝනාවරුනි, මහත්වරුනි, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යථාර්ථයක් බවට පත් කිරීමේ දී අපි කිසිම අතපසුවීමක් නොකරමු,” කාම්බෝජ් පැවසීය.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...