33 C
Colombo
Friday, May 3, 2024

ඉන්දු – ඇමෙරිකා සබඳතා “එකට ඉදිරියට”

- Advertisement -

ඉන්දියාව ඇමරිකාවේ ප්‍රධාන ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙකු බව එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා යළි අවධාරණය කළේය.

“ඉන්දියාව පිළිබඳ අපගේ පණිවිඩය ස්ථාවර ය. ඉන්දියාව එක්සත් ජනපදයේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙකි” එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහ රයිසිනා සංවාදයට සහභාගී වීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් පසුගියදා ඉන්දියාවට පැමිණ සිටියේය.

“අපගේ ඉන්දියානු හවුල්කරුවන් සමඟ අමාත්‍ය මට්ටමින්, නායක මට්ටමින්, සෑම තරාතිරමකම අපි ඇතිකරගෙන ඇති බැඳීම්, අප දෙරට අතර දැනටමත් පුළුල් සබඳතාවයන් ගැඹුරු කිරීම සඳහා වූවක්” යැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පැවසීය.

ඔහු පැවසුවේ ඉන්දියාව සමඟ ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය පුලුල් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...