34 C
Colombo
Friday, May 3, 2024

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

- Advertisement -

ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ හෝටල් හිමිකරු අද (30) අළුයම 3ට පමණ මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මෙලෙස මියගියේ මිදිගම ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය 31 හැවිරිදි සිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නැමැති පුද්ගලයෙක්.

ඊයේ (29) පස්වරු 06.15ට පමණ සිදුවූ අතර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

2021 වසරේ දී ද මෙම හෝටලයේ හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් ඔහුගේ සහෝදරයා මියගියා.

මේ අතර පොලීසිය කියා සිටින්නේ මෙම වෙඩි තැබීම අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි සාමාජික වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ ගෝලයන් පිරිසක් සිදු කර ඇති බවට සැක පළකරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...