25 C
Colombo
Tuesday, May 14, 2024

අත්අඩංගුවට ගත් අරගලයේ සාමාජිකයන් තිදෙනාට පොලිස් ඇප

- Advertisement -

නුගේගොඩ ජුබිලි කණුව ආසන්නයේ දී ඊයේ (31) අත්අඩංගුවට පත් වූ අරගලයේ හිටපු ක්‍රියාකාරීන් තිදෙනෙක් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ අරගලයේ හිටපු ක්‍රියාකාරීන් වූ ධානීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර ඇතුළු තිදෙනෙකුයි.

ඔවුන් මිරිහාන පොලීසිය වෙත රැගෙන යාමෙන් පසුව පොලිස් ඇප මත මුදාහැර තිබුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික් නිවස ඉදිරිපිට පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදු කළ විරෝධතාවයට වසරක් සම්පූර්ණ විම නිමිත්තෙන් අරගලයේ කණ්ඩායමක් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

විරෝධතාව ආරම්භ කිරීම සඳහා පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දාන්න නව කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ...

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...